එ.ජා.ප. දේශපාලන බලවේගයේ අනාගතය කෙබඳුද ?

එ.ජා.ප. දේශපාලන බලවේගයේ අනාගතය කෙබඳුද ?

30 June 2020 09:20 am

එ.ජා.ප.යට තියන්නෙ කරදිය වලල්ල ඇතුලට කොටුවෙච්ච ජාතිකවාදී උප්පත්තියක් නෙමෙයි.
කරදිය වළල්ලෙන් එහා ලෝකය සමඟ සම්බන්ද වෙච්ච ලිබරල් උප්පත්තියක්.

ඒකෙ ආරම්බක නායකයින්ගෙ නිල වස්ත්‍රය වෙන්නෙත් යුරෝපීය ඇඳුම.

බන්ඩාරනායක පවුලේ ජාතිකවාදී පාලන කාලයෙන් පස්සෙ බලයටපත් උන ජේ. ආර්. ගෝලීය ලිබරල් සන්ධර්බයක් ඇතුලෙ නැවත ලංකාව පිහිටවව්ව.

හැබැයි ඔහුගෙ(ජේ.ආර්.ගෙ) නිල වස්ත්‍රය උනේ අර පරණ එ.ජා.ප. නායකයින්ගෙ වගේ යුරෝපීය ඇඳුම නෙමෙයි සිංහල බෞද්ධ නිල වස්ත්‍රය යැයි කියවෙන ජාතික ඇඳුම.

ඒ කියන්නෙ ඔහු ලංකාව ගෝලිය ලිබරල් සන්දර්බයක පිහිටු වන්නෙ සිංහල බෞද්දයෙකු ලෙස වෙස්වලාගෙන.

ඒක එහෙම වෙන්නෙ ඔහුට ඔහුගේ ලිබරල් ආර්ථික දැක්ම පැලකරන්ට වෙන්නෙ බන්ඩාරනායකල හාපු ජාතිකවාදී කුඹුරෙ.

ජේ.ආර්.ගෙන් පස්සෙ බැදිවල ගහගෙන ගිය එජාපය නැවත ලිබරල් ස්තාවරයකට ගේන්නෙ රනිල්.
හැබැයි ඔහු සීයට සීයක්ම අසාර්ථක වෙනව.

ඔහු ජේ. ආර්.මෙන් උපායශීලී දේශපාලනඥ්ඥයෙක් නොවූ බැවින් ඇමරිකන් ගැත්තෙක් බටහිර ඉත්තෙක් සහ ලිබරල් විකටයෙක් බවට පත්වෙල දේශපාලනයෙන් එලියට විසිවෙන්න ඔන්න මෙන්න මොහොත මේ.

මෙන්න මේ මොහොතේ තමයි රනිල්ව කපාගෙන එ.ජා.ප. යේ හිස් තැන පුරවන්න සජිත් එන්නෙ..
එතෙන්දි ඔහු රනිල් වගේ ලිබරල් විකටයෙක් වෙන්නෙ නෑ ඒ වෙනුවට ජාතිකවාදී විකටයෙක් වෙනව.

මේකට හේතුව ඔහුගෙ දේශපාලන නොමේරුබව, බලය පිලිඹද ඇති ගිජු බව මිස ඒ සඳහා ඇවැසි පරිනත බව නැතිකම, හා විරුද්ධ පාර්ශවය තුල ජනප්‍රිය සහ ජාතිකවාදයේ පේටන්ට් බලය හිමි පවුලක් බලයේ සිටීම වගේ දේවල්.

මෙතෙන්දි ඊළගට වෙන්නෙ(දැනුත් ඒක වෙමින් පවතින්නෙ) සජිත්ගෙ අපරිණත බව නිසාම ඔහුට උපායශීලී උපන්ගෙයි ජාතිකවාදියෙක් මත යැපෙන්ට වෙනව.ඒ පාඨලී කියන චරිතය මත.

පාටලීගෙ ඉතිහාසය ගත්තොත් ඔහු බොහෝ ජාතිකවාදී සහ ආගම්වාදී පක්ෂ, සංවිධාන, පහුකරගෙන ඇවිත් තියෙනව. ඒ ඔක්කොම ඔහුගෙ ගමනට හදාගත්ත තාවකාලික දේශපාලන අම්බලන්.

සජිත් වගේ නෙමෙයි ඔහු මතුවෙන්නෙ මහ පොලොවෙන්.
පිටතින් ප්‍රජාතන්ත්‍රවාදයේ සලකුනු ඔහුතුලින් පෙනෙන්නට තිබුනත් ඔහු ඇතුලතින් අන්ත දක්ෂිනාංෂික ජාතිකවාදියෙක්.

කතිකයෙක් විදියට ගත්තත් ආර්ථික දැක්ම සම්බන්දයෙන් ගත්තත් ජාතිකවාදී දෘෂ්ඨිය පැත්තෙන් ගත්තත් සජිත්ට දිගින් දිගටම යැපෙන්න වෙන්නෙ පාටලී මත. ඔවුන්ගේ පිලේ මේ මොහොතේ තියෙන ජාතිකවාදයේ එකම සංකේතයත් ඔහු.

මම මේ විග්‍රහය මෙතනින් එහාට කරන්නෙ නෑ ඒක ඔබේ කාර්යයක් ..... 

- ප්‍රියශාන්ත රාජපක්ෂ