ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

26 May 2020 09:34 pm

ලංකා කම්කරු ‍කොන්ග්‍රසයේ නායක ආරුමුගම් ‍තොන්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. ඔහු සිය නිවසේදී හදිසියේ ඇදවැ‍ටීමෙන් පසුව රෝහල්ගත කර තිබේ. තලංගම රෝහලට ඇතුලත් කරන විටද ඔහු මිය‍ගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවිය.

ඔහු අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකටද සහභාගි වී තිබේ.

වතුකරයේ ජනතාව නියෝජනය කරන ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයා සහ මහ ලේකම්වරයා ලෙස තොන්ඩමන් මහතා කටයුතු කළ අතර ඔහු, ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආරම්භක නායකයා වූ සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාගේ මුණුපුරා ද වේ.

සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාගෙන් පසු ආරුමුගම් තොන්ඩමන් මහතා පක්ෂයේ නායකත්වයට පත්විය.

UN