කොරෝනා වෛරසය බෝ නොවීමට සියලුම පාන් පිටි (Gluten) ආහාර නැවැත්විය යුතුය !

කොරෝනා වෛරසය බෝ නොවීමට සියලුම පාන් පිටි (Gluten) ආහාර නැවැත්විය යුතුය !

13 March 2020 03:03 pm

කොරෝනා (covid 19) ඉතා දුර්වල වෛරසයකි. එය මීට පෙර පැතිර ගිය කොරෝනා වෛරසයක් වන සාර්ස් වෛරසයටද වඩා දුර්වලය. එනුමුදු, covid 19 වෛරසය දැන් ලොව පුරා සීග්‍රයෙන් පැතිර යමින් පවතී. එපමණක්ද නොව, එයින් මරණයට පත්වන ප්‍රමාණය පෙර තිබූ සාර්ස් වෛරසයට වඩා වැඩි වී තිබේ. මරණයට පත්වන ප්‍රමාණයෙන් වැඩි හරියක්ම මහලු හා වෙනත් රෝගවලින් පෙළුණු අය වේ.

කෙසේ වෙතත් මෙම වෛරසය හැම අතින්ම බලන විට විශාල ලෙස පැතිර ගිය එකකි. ලෝක සෞඛ්‍ය සංවිධානය එය 'ලොව වටා ව්‍යාප්ත ලෙස පැතිර ගිය' (Pandemic) රෝගයක් ලෙස නම්කර ඇත.

සාමාන්‍ය හෙම්බිරිස්සා උණ (Common cold), ඉන්ෆ්ලුවන්සා (Influenza) හා අනෙකුත්, ස්වසන පද්ධතිය සමග සම්බන්ධ වන වෛරසවලින් රෝගවීමට හේතු වී ඇත. විද්‍යාඥයෝ සහ දොස්තරවරු මෙකළ සොයන්නේ ආසාදනය (inflection) ඇති කරන වෛරස හා බැක්ටීරියා ගැන පමණි. එය බෙහෙත් කිරීමට උපකාර වන නිසා විය හැක. එනමුදු ශරීරය තුළ ඊට වඩා වැදගත් ක්‍රියාවක් සිදු වේ. එනම් වෛරසයට හෝ බැක්ටීරියාවලට විරුද්ධව එවැනි ශරීරයට ඇතුළු වන දේ විනාශ කිරීමට ස්වභාවයෙන්ම ශරීරය තුළ සෑදෙන ප්‍රතිශක්ති ක්‍රියාවලියයි. මෙම ප්‍රතිශක්ති ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට බෙහෙත් නැති නිසා වෛද්‍යවරු හා විද්‍යාඥයෝ මේ ගැන නොසලකති.

නමුත් රෝගය සෑදීම වැලැක්වීමට එය ඉතා වැදගත්ය. ලෝකය පුරා පැතිර යන වෛරසයක් ඇතිවිට එවැන්නන්ගේ අවධානය ස්වභාවික ප්‍රතිශක්ති පිළිබඳව යොමු නොවන්නේ ඇයිදැයි කුතුහලයකි. කෘත්‍රිම ප්‍රතිශක්ති (Vaccines) නිපදවීම ගැන ඔවුන් කතා කළත් ස්වභාවික ප්‍රතිශක්තිවලට කුමක් වූයේදැයි ඔවුහු නොවිමසති. මේ අනුව බලනවිට ඔවුන් 50% ක් අන්ධයින් වේ.

සම්පූර්ණයෙන්ම ශරීරය මීට පෙ‍ර නොදැන සිටි වෛරසයක් ඇතුළු වූ විට ස්වභාවික ප්‍රතිශක්ති (Anti-bodies) නිපදවා එය විනාශ කිරීමට දින කිහිපයක් ගත වේ. තුන්දා උණ, පස්දා උණ ආදියෙන් මුතුන් මිත්තන් හඳුන්වන ලද රෝග සුවවීම එවැනි කාලයක සිදුවන්නේ ශරීරය තුළ ප්‍රතිශක්ති ස්වභාවික ලෙස නිපදවීමෙනි. මෙම ප්‍රතිශක්ති නිපදවීමේ හැකියාව සියල්ලන්ම සතුව ඇත.

සාමාන්‍යයෙන් ප්‍රතිශක්ති දුර්වල වී නොමැති තැනැත්තෙක් තුළට වෛරසයක් ඇතුළු වූ විට සෑදෙන ප්‍රතිශක්ති (Anti-bodies) ජීවිත කාලය තුළම ශරීරයේ රැඳී පවතී. ඒ නිසා ඒ වෛරසයෙන් නැවත රෝගයක් නොවැළ‍‍ඳේ. මේ හේතුව නිසා පැපොල (Chicken pox), කම්මුල්ගාය (Mumps) වැනි රෝග ප්‍රතිශක්ති බලවත් කෙනෙකුට, එම ප්‍රතිශක්ති ජීවිත කාලය දක්වා පවතින නිසා දෙවරක් නොසෑදේ. එසේ දෙවරක් සෑදෙන්නේ නම් ඔහුගේ ප්‍රතිශක්ති නිපදවීමේ හැකියාව යම්කිසි හේතුවක් නිසා හීන වී ඇත.

කොරෝනා වැනි වෛරසයක් පැතිර යනවිට ශරීරයේ ප්‍රතිශක්ති නිපදවීමට බාධා නැති තැනැත්තා වෛරසය ශරීරයට ඇතුළු වී රෝග ලක්ෂණ ඇතිවීමට පෙර සතියකදී පමණ වෛරසය නසා දමනු ඇත. වෛරසය ශරීරයට ඇතුළු වුවත් ඔහුට ඒ නිසා රෝගය නොසෑදේ.

රෝගය සමාජය තුළ පැතිරෙන අවස්ථාවල කුඩා ප්‍රමාණයක් වෛරස බොහෝ දෙනාගේ ශරීර තුළට ඇතුළු වේ. එනමුදු ඉහත පෙන්වූ ප්‍රතිශක්ති ක්‍රියාවලිය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීම නිසා ඒ අයට රෝගය නොවැළ‍ඳෙන අතර ඊට පසු වැඩි ප්‍රමාණයක් වෛරසය ඇතුළු වුවද එය සමග සටන් කිරීමට ඇති තරම් ප්‍රතිශක්ති සෑදීමේ හැකියාව ඇත.

ස්වභාවික ප්‍රතිශක්ති හීනවීමට හේතු කිහිපයක් ඇත. පිළිකාවලට ප්‍රතිකාර වශයෙන් ලැබෙන රසායනික බෙහෙත් (Chemotherapy) නිසා ප්‍රතිශක්ති සුළු කාලයකට බොහෝ හීන වේ. ඔවුන් මේ කාලයේදී විශේෂයෙන් පරෙස්සම් විය යුතුය. බෙහෙත් නොගන්නා පිළිකා රෝගීන්ද ඔවුන්ගේ ප්‍රතිශක්තිය යම් ප්‍රමාණයකට හීන වී ඇති නිසා අවධානයෙන් සිටීම වැදගත් වේ. වෙනත් රෝග සඳහා දෙන ප්‍රතිශක්ති හීන කරන බෙහෙත් (Immuno Suppressive Drugs) නිසාද වෛරස රෝග පහසුවෙන් ආසාදනය විය හැකිය. අධික මත්පැන් පානය, අක්මා සහ වකුගඩු රෝග ඇති අයගේද ප්‍රතිශක්ති බලවත් නොවේ.

නමුත් අද සමාජයේ ශරීරයේ ප්‍රතිශක්තිය හීන වන්නේ වෙළඳපොලේ ඇති සමහර ස්වභාවික යැයි නම් කරන ලද අස්වභාවික ලෙස ජාන වෙනස් කරන ලද ආහාර නිසාය. තවද වසවිස ඇති ආහාරවලින් ප්‍රතිශක්ති තර නොවන බව කිවයුතු නොවේ.

බොහෝදෙනා නොදන්නා කරුණක් නම් ප්‍රතිශක්තිය හීන කරන ආහාරයක් වන පාන්පිටි (Gluten) සහිත ආහාර අද වෙළඳපොලේ සෑම තැනම ඇතිවා පමණක් නොව බොහෝදෙනා නිතර ආහාර ලෙස ගන්නා දෙයකි. පාන්පිටිවල ඇති ප්‍රෝටීනවලින් 80% ක් පමණ ග්ලුටෙන්ය. ග්ලුටෙන් නිසා පාන්පිටි මෙලෙක් වී ඇලෙනසුළු ස්වභාවයක් ඇති වේ. හාල්පිටිවල ග්ලුටෙන් නැත.

පාන්පිටිවල ග්ලුටෙන් (Gluten) ප්‍රමාණය මෑත කලෙකදී ජාන මාරු කිරීම නිසා වැඩිකර ඇත. 08% සිට 14% දක්වා ග්ලුටෙන් වැඩි පාන්පිටි දැන් ලෝක වෙළඳපොලේ ඇත. ග්ලුටෙන් ශරීරයට අහිතකරය. නොයෙකුත් ලෙඩ‍ රෝග සෑදේ. ග්ලුටෙන්වල ඇත්තේ ප්‍රෝටීන දෙකකි. එකක් ග්ල‍යඩින් (Gliadin) ය. අනෙක ග්ලුටනින් (Glutanin) ය. මෙයින් ග්ලයඩින්වලින් ප්‍රතිශක්ති හීන වේ. සමහර අවස්ථාවල තම ශරීරයේ සෛල තමාගේ බව හෝ ප්‍රතිශක්තිවලට හඳුනා ගැනීමට බැරි තරමට ග්ලයඩින් කටයුතු කරයි. මෙයින් තමාගේම සෛල විනාශ වන ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග (Auto Immune Diseases) සෑදේ. ඒ අතර ශරීරයට ඇතුළු වන වෛරස්, බැක්ටීරියා වැනි දේවල්වලට විරුද්ධව සටන් කිරීමට සෑදෙන ප්‍රතිශක්ති (Antibodies) නිපදවීමද හානි කරයි. ඒ නිසා ශරීරයට ඇතුළු වූ වෛරසය රෝග ලක්ෂණ පහළවීමට පෙර නැසීමට හැකි නොවේ.

චීනයේ මේ රෝගය ඉක්මනින් පැතිර යාමට හේතුව වෛරසය නිසා නොව ඔවුන්ගේ ප්‍රතිශක්ති නිපදවීමේ හැකියාව හීන වීමයි. එය පාන්පිටි සහිත ග්ලුටෙන් ඇති ආහාරවලට සම්බන්ධය. ග්ලුටෙන් ඇති ආහාර පාන්පිටි පමණක් නොවේ. රයි (Rye), ඕට් (Oat), බාර්ලි (Barly) වැනි ධාන්‍යවලද ග්ලුටෙන් ඇත. රයිවලින් සාදන විස්කිවලද, තිරිඟුවලින් (Wheat) සාදන බියර්වලද ග්ලුටෙන් ඇත.

පාන්වල පමණක් නොව ලංකාවේ නොයෙකුත් ආහාරවලට පාන්පිටි එකතු කිරීම දැන් පුරුද්දක් වී ඇත. අද වෙළඳපොලේ ඇති පපඩම්වලට හා උළුඳු වඩේවලටද පාන්පිටි මිශ්‍ර කොට ඇත. කට්ලට්, පැටිස්, රෝල්ස්, කේක්, බිස්කට් ආදියෙහි ග්ලුටෙන් ඇති බව කිවයුතු නොවේ. සව් හා ආටා පිටිද සාදන්නේ පාන්පිටිවලිනි. ග්ලුටෙන් සහිත ආහාර හා ඒවා කලවම් කරන ලද කිසිම ආහාරයක් නොවළඳන්නේ නම් ඔබට කොරෝනා වෛරසය නොස‍ෑදේ. එසේ ශරීරයට ඇතුළුවුවත් එය දින කිහිපයකින් ස්වසන පද්ධතියට ඇතුළු නොවී සුවවනු ඇත.

එසේම ඩෙංගු වැනි වෙනත් වෛරසද පාන්පිටි වැනි ග්ලුටෙන් සහිත ආහාර නොගන්නා අයට නොවැළ‍ෙඳේ. ප්‍රතිශක්ති හීන වීම නිසා ග්ලුටෙන් සහිත ආහාර ගන්නා අයට එකම වෛරසය කිහිප වාරයක් බලපෑම් කළ හැක.

දොස්තරවරුන්ගේ හා විද්‍යාඥයන්ගේ අවධානය යොමු නොවූ වැදගත් පැත්තක් මෙම ලිපියෙන් පෙන්වා දී ඇත. අද පැතිරෙන රෝගය සම්පූර්ණයෙන්ම නැවැත්විය හැක්කේත්, මරණ සංඛ්‍යාව අවම කිරීමට හැකි වන්නේත් අපට ස්වභාවයෙන්ම ලැබී ඇති ප්‍රතිශක්ති ක්‍රියාවලියට හානි කරන, පිටින් ශරීරයට ඇතුළු කරන පාන්පිටි වැනි ග්ලුටෙන් සහිත ආහාරවලින් සම්පූර්ණයෙන්ම වැලකී සිටීමෙනි.

වෛද්‍ය ගාමණී අභය