තවත් ප්‍රමාද වෙනවා නම් අර්ජුන් මහේන්ද්‍රන් නැතිව නඩුව ඇසිය යුතුයි - යාපා

තවත් ප්‍රමාද වෙනවා නම් අර්ජුන් මහේන්ද්‍රන් නැතිව නඩුව ඇසිය යුතුයි - යාපා

26 February 2020 07:47 am

අර්ජුන් මහේන්ද්‍රන් මහතාව සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට බාරදීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් ඒ මහතා නොමැතිව බැඳුම්කර වංචාව පිළිබඳ නඩුව විභාගයට ගත යුතුය යන්න රජයේ ස්ථාවරය බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. 

"සිංගප්පූරුවේ නීතිපතිවරයා විසින් අපට අර්ජුන මහේන්ද්‍රන් මහතාව බාරදීම තවත් ප්‍රමාද වෙනවා නම් ඒ නීතිමය ප්‍රශ්න තියෙනවා නම්, දැන් මාර්තු මාසෙ නැවත නඩුව අහනවා. මාර්තු මාසෙ නඩුව අහන්න දැන් දින නියම කරලා තියෙනවා. 

කරුණාකරලා, මේ මහබැංකු හිටපු අධිපතිවරයා නොමැතිව නඩුව අහලා මේ දඬුවම නියම කරන්න ඕනෙ. එතකොට අපට ඊළඟ පියවරට යන්න පුළුවන්. එතකොට ඒ දඬුවම අපි බලාපොරොත්තු වෙනවා, මොකද අපි ඉන්නෙ ඒ ස්ථාවරයේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN