රිෂාඩ් ගේ සහයත් සජිත්ට!

රිෂාඩ් ගේ සහයත් සජිත්ට!

25 February 2020 10:40 pm

ඉදිරි මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මාතාගේ නායකත්වයෙන් යුතු සන්ධානයට සහය පළකිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. 

සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට තීරණය  කර ඇත්තේ සුළු ජාතීන් වෙනුවෙන් වැඩ කරන අපේක්ෂකයෙක් තෝරාගැනීම බව මන්ත්‍රීවරයා කියාසිටියේය. 

පාර්ලිමේන්තු මැතිවරණයක් බලාපොරොත්තුවෙන් සිටින අතර එහිදී සුළු ජාතික ජනතාව වෙනුවෙන් කථා කරන, වැඩ කරන අපේක්ෂකයෙක් තෝරාගත යුතු බවයි ඔහු සඳහන් කළේ. 

මෙහිදී ප්‍රේමදාස මහතා සමඟ සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ජා කරමින් පවතින බවත් ඇතැම් ප්‍රදේශවල තනිව තරඟ කිරීමටත් බලාපොරොත්තු වන බව බදියුදීන් මහතා පැවසුවේය. 

 එම සහයෝගය සමඟ අන්තවාදී ත්‍රස්තවාදී කල්ලි පරාජය කිරීමටද මැදිහත්වන බව ඔහු සඳහන් කරන ලදී.

මේ අතර මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසන පරිදි සුළු ජාතික පක්ෂ සියල්ල එකතු වී කටයුතු කිරීම රටට හොඳ කාරණයක් බවද හෙතෙම කියා සිටියේය. 

තමන් එසේ පවසන්නේ මහ ජාතිය නියෝජනය කරන ඇතැමුන් සුළු ජාතිකයින් නොසලකා හරිමින් සිටින අතර ඉන් භයානක තත්ත්වයන් ඇති විය හැකි හෙයින් එය වළක්වා ගැනීම සඳහා සුළු ජාතීන් සියලු දෙනා එකතු වීම යෝග්‍ය බවයි. 

කෙසේවෙතත් සුළු ජාතිකයින්ගේ හිත් බිඳ ඔවුන් තුළ තරහක් ඇති කිරීම යහපත් නොවන බවද රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේය.   

රිෂාඩ් බදියුදීන් මහතා මෙම අදහස් පළකළේ ඔහු නායකත්වය දරන  සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කාර්යාලයක් වව්නියාව ප්‍රද්ශයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.