මම නිවැරදිකරු - සජින් වාස් මහාධිකරණයේදී පවසයි

මම නිවැරදිකරු - සජින් වාස් මහාධිකරණයේදී පවසයි

25 February 2020 09:55 pm

අයථා මුදල් සහ වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට තමා නිවැරදිකරු යැයි එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඒ ඔහුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (25) කොළඹ මහාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීය.

සජිත් වාස් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන සමයේදී තම නීත්‍යනුුකූල ආදායම ඉක්මවා රුපියල් කෝටි 30 කට අධික වත්කම් සහ මුදල් උපයාගෙන ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ. අද නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී කියවූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් සජින් වාස් මහතා ප්‍රකාශ කළේ එම සියලු චෝදනාවලට තමන් නිවැරදිකරු බවයි.

මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා අද සාක්ෂි ලබාදුන් අතර විත්තියේ නීතිඥවරයා විසින් ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීය.

මෙම නඩුවේ සාක්ෂි විභාගය හෙට (26) දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.

UN