ජනාධිපති, ’ජනාධිපති කොමිසම’ හමුවේ සාක්ෂි දෙයි

ජනාධිපති, ’ජනාධිපති කොමිසම’ හමුවේ සාක්ෂි දෙයි

25 February 2020 07:40 pm

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිලිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂ ජනාධිපතිවරණ කොමිෂන් සභාව හමුවේ අද (25) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාක්ෂි ලබා දී තිබෙනවා. ඒ, හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහුට එල්ල වූ සුදුවෑන්වලින් පුද්ගලයන් අතුරුදන් කිරීමේ චෝදනා සහ ඊට අදාලව පසුගිය රජය සමයේ ගත් නීතියම ක්‍රියාමාර්ග සම්බන්ධයෙනි.

මීට අමතරව නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා ද අදාල කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේය.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කොමිසම පත්කළ අතර හිටපු අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

UN