යාපනය වෛද්‍ය සිසුවිය ඝාතනය කිරීම : හමුදා සෙබළෙක් අත් අඩංගුවට

යාපනය වෛද්‍ය සිසුවිය ඝාතනය කිරීම : හමුදා සෙබළෙක් අත් අඩංගුවට

23 January 2020 08:45 am

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි ඉගෙනුම ලැබූ 29 හැවිරිදි සිසුවියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරන්තන් ප්‍රදේශයේ හමුදා කඳවුරක සේවය කරන හමුදා සෙබළෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 

බේරුවල ප්‍රදේශයේ පදිංචි රෝෂිනී කාංචනා නම් මෙම වෛද්‍ය සිසුවිය සැකකරු හමුවීම සඳහා යාපනය පන්නෙයි කොටුව අසලට පැමිණි අවස්ථාවේදී ඇයගේ ගෙල කපා ඝාතනය කර පළා යමින් සිටි සැකකරු ප්‍රදේශවාසීන් විසින් ලුහුබැඳ අල්ලා පොලිසියට භාරදී ඇති බව සඳහන්. 

මෙය ප්‍රේම සම්බන්ධයකදී මතුවූ ආරවුලක් නිසා කළ ඝාතනයක් බවට සැකකරන බවයි පොලිසිය පවසන්නේ. 

RN