කිරිපිටි ආනයනය සීමා කිරීමට රජය සැරසෙයි. මිලත් ඉහළට ?

කිරිපිටි ආනයනය සීමා කිරීමට රජය සැරසෙයි. මිලත් ඉහළට ?

23 January 2020 06:48 am

කිරිපිටි ආනයනය සීමා කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලා කඩිනමින් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. 

ඒ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උරුම කර දීම සඳහා දියර කිරි භාවිතය ඉහළ නැංවීමේ අරමුණින් මෙසේ කිරිපිටි ආනයනය සීමා කිරීමට අදහස් කරන බවයි එහිදී සඳහන් වුණේ. 

කෙසේවෙතත් ආනයනය සීමා කෙරෙන්නේ නම් එහි ප්‍රතිඵලයක් ලෙස අනිවාර්යයෙන්ම කිරිපිටි මිල ඉහළ යනු ඇති. 

RN