සජිත්ව දෙපැත්තට අදියි - එජාපයෙන් ඉවත් වී දේශපාලන අනාථයෙකු නොවන්නැයි උපදෙස්

සජිත්ව දෙපැත්තට අදියි - එජාපයෙන් ඉවත් වී දේශපාලන අනාථයෙකු නොවන්නැයි උපදෙස්

19 January 2020 12:27 pm

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් වන අර්බුදය මෙතෙක් විසඳා ගෙන නොමැති අතර පසුගිය 16 වැනිදා පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමද අවසන් වූයේ විසඳුමකින් තොරවය.

නිල නොවන ආකාරයට සජිත් පාර්ශවය සිය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව නම් කරගෙන සිටියද එය තවදුරටත් සාකච්ජා මට්ටමේ පවතියි. 

මෙම තත්ත්වය අනුව සජිත් පාර්ශවය  එජාපයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක් සාදා ගැනීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කර ඇතත් එය ප්‍රේමදාස මහතා විසින් මෙතෙක් පිළිගෙන නොමැති බවයි වාර්තා වන්නේ. 

මෙම යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සමඟ සිටින නායකයන් කිහිපදෙනෙකුම සජිත් ප්‍රේමදාස මහතාට උපදෙස් දී ඇත්තේ කිසිලෙසකින්වත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවන ලෙසයි. 
 
මේ මොහොතේ කිසියම් හෝ අයුරකින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂයකින් හෝ  ස්වාධීන කණ්ඩායමකින්  මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වීමට සිදුවුවහොත්  එය ප්‍රේමදාස මහතාගේ අනාගත දේශපාලනයටම බලපාන බව ඔවුනු පෙන්වා දී ඇත. 

එහෙයින් එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් මෙම අර්බුදය විසඳා ගන්නා ලෙස ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාට උපදෙස්  දී ඇති බව වාර්තා විය.

එහි පියවරක ලෙස එක්සත් ජාතික පෙරමුණ ලෙස මහ මැතිවරණය වෙන්වෙන් වූ පුළුල් සන්ධානයේ කටයුතු ආරම්භ කළ යුතු බවට ඔවුනොවුන් අතර සාකච්ජා වී තිබේ.  

ASK