දර මිටියක් වගේ එකට එකතු වෙමු - කරුගෙන් සජිත් පාර්ශ්වයට දැනමුතුකම්

දර මිටියක් වගේ එකට එකතු වෙමු - කරුගෙන් සජිත් පාර්ශ්වයට දැනමුතුකම්

18 January 2020 08:49 pm

තනි තනි දර කෝටු ශක්තිමත් නොවුවද දර මිටියක් ලෙස එකතු කළහොත් එහි ශක්තිමත් බව කිසිවෙකුටත් බිඳ දැමිය නොහැකි බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ අයුරින්ම මේ මොහොතේ එජාප සාමාජිකයන් කළයුත්තේ තනි තනිව සිතීම නොව එකට එක්ව ශක්තිමත්ව නැගී සිටීම බව ජයසූරිය මහතා අවධාරණය කරයි.

එජාපයේ සියලු දෙනා සමගි කර බැඳ තබන බැම්ම වීමට තමා සූදානම් බවයි කරු ජයසූරිය මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජිත් පාර්ශ්වයේ ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවකදී අවධාරණය කර තිබෙන්නේ.

කරු ජයසූරිය මහතා ඊයේ පස්වරුවේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදීද මේ බව අවධාරණය කර තිබෙනවා.

UN