යොවුන් ලෝක කුසලාන පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථානුවන්ට පෙරළිකාර ජයක්

යොවුන් ලෝක කුසලාන පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථානුවන්ට පෙරළිකාර ජයක්

17 January 2020 10:15 pm

කණ්ඩායම් 16 ක් සහභාගි වන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (17) දකුණු අප්‍රිකාවේදී ආරම්භ විය.

තරගාවලියේ පළමු තරගයේදීම පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායම සමත් විය. ඒ සත්කාරක දකුණු අප්‍රිකානුවන්ට එරෙහිවයි.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දු වාර 29.1 කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 129 ක් පමණි. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ ෂෆිකුල්ලා ගෆාරි පන්දුවාර 9.1 කදී ලකුණු 15 ක් පමණක් ලබා දෙමින් දකුණු අප්‍රිකානුවන් 06 දෙනෙකු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය.

ලකුණු 130 ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානු යොවුන් පිතිකරුවන් පන්දුවාර 25 කදී සිය ඉලක්කය සපුරා ගත් අතර දැවී ගියේ කඩුලු 03 ක් පමණි.

පිත්තෙන් දස්කම් දැක්වූ ඊබ්‍රාහීම් ෂඩ්‍රාන් ලකුණු 52 ක් සහ ඉම්රාන් ලකුණු 57 ක් වාර්තා කිරීමට සමත් විය.

පන්දුවෙන් දස්කම් දැක්වූ ෂෆිකුල්ලා ගෆාරි තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ දෙවැනි දිනය වන හෙට දිනයේදී තරග හතරක් පැවැත්වීමට නියමිතය.

තරගයේ ලකුණු පුවරුව....

UN