ඩ්‍රෝන යානා තහනම ඉවත් කරයි

ඩ්‍රෝන යානා තහනම ඉවත් කරයි

17 January 2020 04:28 pm

ඩ්‍රෝන යානා ඇතුළු නියමුවන් රහිත සියලු ගුවන් යානා ගුවන්ගත කිරීමට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. සිවිල් ගුවන් සේවා රෙගුලාසිවලට යටත්ව මෙම තහනම ඉවත් කිරීමට කටයුතු කළ බව එම ආයතනය පෙන්වා දෙන්නේ.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඩ්‍රෝන යානා ඇතුළු සියලුව වර්ගයේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම තහනම් කිරීමට රජය කටයුතු කළේය. ආරක්ෂක හේතූන් මත, නැවත දැනුම් දෙනතුරු මෙම නීතිය ක්‍රියාත්මක වන බවයි පාස්කු ප්‍රහාරයෙන් පසුව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ.

මේ වනවිට රටේ පවතින ආරක්ෂක තත්වය යහපත් වන හෙයින් අදාල තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

UN