මහින්ද සුළඟ ඇරඹි නුගේගොඩින් සජිත් සුළඟත් හමයි !

මහින්ද සුළඟ ඇරඹි නුගේගොඩින් සජිත් සුළඟත් හමයි !

17 January 2020 01:30 pm

ආණ්ඩුවට එරෙහි විරෝධයේ පළමු වෙඩිමුරය නුගේගොඩ නගරයෙන් ආරම්භ කිරීමට එජාපයේ සජිත් පාර්ශ්වය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 23 වැනිදා නුගේගොඩ නගරයේදී දැවැන්ත රැළියක් පැවැත්වීමට නියමිතය. ඉන්පසු රටපුරා දැවැන්ත රැස්වීම් මාලාවක් සංවිධානය කිරීමටද සජිත් පාර්ශ්වය තීරණය කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීමද මෙහි තවත් අරමුණකි.

නුගේගොඩ රැළියට අදාල සංවිධාන කටයුතු අද (17) දිනයේදී ආරම්භ වන අතර ඒ අනුව එජාප හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ආසන සංවිධායකවරුන් ඇතුළු නියෝජිතයන් විපක්ෂ නායක කාර්යාලයට කැඳවා ඔවුන්ව දැනුවත් කිරීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයෙන් පසුව නැවත සිය දේශපාලන ගමන ආරම්භ කළේද නුගේගොඩ නගරයෙනි. එදා මහින්ද සුළඟ නමින් ඇරඹි දේශපාලන වැඩපිළිවෙල, 2019 වසර අවසාන වනවිට මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුර දක්වා ඔසවා තැබීමට සමත් විය.

UN