චන්ද්‍රිකාට ආසන සංවිධායකකමත් අහිමි වෙයි !

චන්ද්‍රිකාට ආසන සංවිධායකකමත් අහිමි වෙයි !

17 January 2020 12:59 pm

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක තනතුරින්, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉවත් කිරීමට ඊයේ රැස් වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ඒ, හිටපු ජනාධිපතිනිය පක්ෂයේ තීන්දු-තීරණවලට පිටින් කටයුතු කිරීම හේතුවෙනි.

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කළේය. කෙසේ නමුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, කුමාර වෙල්ගම මහතා ඇතුළු පිරිසක් ඊට විරෝධය පළකළ අතර ඉන් නොනැවතී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමටද තීරණය කළේය.

හිටපු ජනාධිපතිනිය වසර ගණනාවක් ශ්‍රීලනිපයේ දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටි අතර මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපති තනතුරට පත්වීමත් සමග ඇය නැවත පක්ෂයට සමීප විය. ඇය අත්තනගල්ල ශ්‍රීලනිප සංවිධායක තනතුරට පත් කළේ ඉන් අනතුරුවයි.

UN