සජිත්ට වැඩකළ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 20 ක් පක්ෂයෙන් දොට්ට ?

සජිත්ට වැඩකළ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 20 ක් පක්ෂයෙන් දොට්ට ?

17 January 2020 11:59 am

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මත කරගත් තීන්දුවට පිටින් යමින් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ පක් සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබේ. ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණයට එළඹ තිබේ.

අදාල පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා ඉන්පසු ඔවුන් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

මීට අමතරව ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදුකර ඇති අතර පොදුජන පෙරමුණ සමග පිහිටුවන සන්ධානයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතයක් ලබා ගැනීම සඳහා උපරිම සහයෝගය ලබාදිය යුතු බවටද තීරණය කර ඇත. මීට අමතරව ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා නිර්ණායක මාලාවක් සකස් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.

UN