අවතැන්වූවන් වෙනුවෙන් පරිත්‍යාග කළ වෝන්ගේ ටෙස්ට් හිස් වැස්මට වාර්තාගත ලංසුවක්

අවතැන්වූවන් වෙනුවෙන් පරිත්‍යාග කළ වෝන්ගේ ටෙස්ට් හිස් වැස්මට වාර්තාගත ලංසුවක්

10 January 2020 10:16 pm

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි හේතුවෙන් ආපදාවට ලක්වූවන් වෙනුවෙන් වෙන්දේසියට ඉදිරිපත් කළ, ෂේන් වෝන්ගේ ටෙස්ට් හිස් වැස්ම (Baggy Green) සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 1,007,500 ක මිලක් නියම වී තිබෙනවා. අද අවසන් වූ මෙම වෙන්දේසියේ අවසන් මිනිත්තු කිහිපයේදී එම ලංසුව තබමින් ෂේන් වෝන්ගේ හිස් වැස්මේ හිමිකරු බවට පත්වූයේ සිඩ්නි නුවර පදිංචිකරුවෙකි.

මීට පෙර ඉහළම ලංසුවකට අලෙවි වූයේ ලෝක ක්‍රිකට් වංශකතාවේ ශ්‍රේෂ්ඨතම පිතිකරු ලෙස සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් හිස් වැස්මයි. එය 2003 වසරේදී ඕස්ට්‍රේලියානු ඩොලර් 425,000 ‍අලෙවි කෙරිණි.

ශේන් වෝන් ක්‍රීඩා කළ ටෙස්ට් තරග 145 දීම ඔහු පැළඳ සිටියේ මෙම හිස් වැස්මයි.