රාජිතගේ මාධ්‍ය ලේකම්ගේ නිවස පොලීසියෙන් පරීක්ෂා කරයි!

රාජිතගේ මාධ්‍ය ලේකම්ගේ නිවස පොලීසියෙන් පරීක්ෂා කරයි!

16 December 2019 10:59 am

හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය ලේකම් මලිත් විජේනායක මහතාගේ නිවස පසුගිය 14 වැනිදා පෙරවරුවේ රහස් පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කොට ඔහුගේ ලැප් ටොප් පරිගණකයේ තිබූ දත්ත හා මෘදුකාංග රැසක් රැගෙන ගොස් ඇත. 

රහස් පොලිස් නිලධාරීන් පැමිණෙන අවස්ථාවේ මලිත් විජේනායක මහතා නිවසෙහි සිට නැති අතර උසාවි නියෝගයක් ඇති බව පවසා පැයකට අධික කාලයක් නිවස පරික්ෂා කොට තිබේ.

මලිත් විජේනායක මහතා මුද්‍රිත සහ වෙබ් මාධ්‍යවේදියෙකු ලෙසද කටයුතු කරයි. 

ජනාධිපතිවරණ සමයේ සුදු වෑන්වලින් මිනිසුන් පැහැර ගැනීම,ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගැනීම පිළිබඳ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ජාවන් පැවැත්වීමට අදාළ තොරතුරු ලබා ගැනීමට සහ විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාට සහ පවතින රජයට එරෙහිව ජනතාව තුළ වෛරී සහගත ප්‍රකාශ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙලෙස තොරතුරු තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් සෝදිසි කර ඇත. 

මීට පෙරද මලිත් විජේනායක මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමට දෙවතාවක් පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් ඔහු පැමිණ නැති බවද වාර්තා වේ. 

ඔහුට එරෙහිව මීට පෙර හිටපු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවට ඇමරිකාවේ සංචාරයට යන අතරතුර ඔහු සහ ඔහුගේ පවුලේ අයව ජයාරූප ගතකර මධ්‍යයට මුදා හැරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.