ඩෙංගු ව්‍යාප්තියේ අසාමාන්‍ය වර්ධනයක් - රෝගීන් 87364 ක් වාර්තා වෙයි

ඩෙංගු ව්‍යාප්තියේ අසාමාන්‍ය වර්ධනයක් - රෝගීන් 87364 ක් වාර්තා වෙයි

15 December 2019 10:26 pm

මෙම වසරේ ඩෙංගු රෝගය අසාමාන්‍ය ලෙස වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඒ අනුව මෙම වසරේදී ඩෙංගු රෝගීන් 87364ක් වාර්තා වී අතර 90 දෙනෙකු මිය ගොස් තිබේ. 

වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 17940ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13718 වාර්තා වී ඇත. 

බස්නාහිර පළාත් හැරුණු විට මධ්‍යම,දකුණ සහ උතුර යන පළාත්වලද මෙම රෝගයේ ව්‍යාප්තිය වැඩි වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. 

මහනුවරින් රෝගීන් 7698ක්ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් 6497 ක්ද යාපනය දිස්ත්‍රික්කයෙන් 6267 ක්ද වාර්තා වී තිබේ. 

2018 වසරේදී මෙම රෝග ව්‍යාප්තිය විශාල ලෙස අඩු වී තිබූ අතර වසර පුරාම වාර්තා වී තිබුණේ රෝගීන් හාරදහසකට ආසන්න පිරිසකි. එහෙත් මෙම වසරේදී අසාමාන්‍ය ලෙස රට පුර ඩෙංගු රෝගය ව්‍යාපත් වී ඇති බව සංඛ්‍යා ලේඛන අනුව දැකගත හැකිය.