CID 50කට ස්ථාන මාරු!

CID 50කට ස්ථාන මාරු!

15 December 2019 12:46 pm

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටින තවත් පොලිස් නිලධාරීන් 50කට පමණ ස්ථාන මාරු වීම ලබා දෙමින් පවතින බව වාර්තා වෙයි. 

පොලිස් කොස්තාපල්වරු, සාජන්වරු ඇතුළු සියලුම නිලයන්ට අදාළ වන ලෙස එම ස්ථාන මාරුවීම් ලබා දෙන බව සඳහන්. 

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනස්කම් සිදුවීම ආරම්භ විය. 

එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහකාර ලෙස ස්ථාන මාරුවීමක් ලබා දුන් අතර සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා මහතා පොලිස් ක්‍ෂේත‍්‍ර බළකා මූලස්ථානයට මාරු කර යැවීය.  ඉන් අනතුරුව ඔහු බදුල්ලට මාරු කර යවා තිබේ. 

මේ අතර ආන්දෝලනාත්මක සිදුවීම කිහිපයක ප්‍රධාන විමර්ශකයා ලෙස කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පූර්ව දැනුම් දීමකින් තොරවම  සිය පවුලේ සාමාජිකයන් ද සමඟ ස්විට්සර්ලන්තය බල පිටත්ව ගොස් තිබුණි.