චම්පිකට විදෙස් ගමන් තහනම්

චම්පිකට විදෙස් ගමන් තහනම්

13 December 2019 08:34 pm

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතට අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ ඔහුට එරෙහිව තරුණයෙකු රිය අනතුරකට ලක් කිරීම සම්බන්ධයෙන් කොළඹ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයේ ක්‍රියාත්මක වන නඩුව අද විභායට ගත් අවස්ථාවේදීය.

චම්පික රණවක මහතාට අමතරව, අනතුර සිදුවන අවස්ථාවේදී අදාල රථයේ රියදුරා ලෙස කටයුතු පුද්ගලයාට ද විදෙස් ගමන් තහනම ක්‍රියාත්මක වේ.

2016 වසරේ මාර්තු මාසයේ රාජගිරිය ප්‍රදේශයේදී අදාල අනතුර සිදු වූ අතර මෙම අනතුරට ලක් වූ සන්දීප් නමැති තරුණයා බරපතල තුවාල ලැබීය. අනතුර සිදු වූ අවස්ථාවේදී එහි සිටි තරුණයෙකු සාක්ෂි දෙමින් පවසා තිබෙන්නේ අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ රථය පදවාගෙන ගියේ රියදුරා නොව මන්ත්‍රීවරයා විසින්ම බවයි. කෙසේ වෙතත් අනතුර සිදුකළ රථයේ රියදුරා ලෙස බොරැල්ල පොලීසිය භාර වී තිබුණේ චම්පික රණවක මන්ත්‍රීවරයාගේ රියදුරාය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාශය අද අධිකරණයෙන් ඉල්ලා සිටියේ චම්පික රණවක මන්ත්‍රීවරයාගේ සහ රියදුරාගේ විදෙස් ගමන් අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙසයි. කරුණු සලකා බැලූ අධිකරණය මන්ත්‍රීවරයාට සහ ඔහුගේ රියදුරාට විදෙස් ගමන් අත්හිටුවන නියෝගයක් නිකුත් කළේය.

UN