තර්ජන එපා හැකිනම් අගමැති අපේක්ෂයා නම් කරන්න - එජාප මහ ලේකම්ට අභියෝගයක් !

තර්ජන එපා හැකිනම් අගමැති අපේක්ෂයා නම් කරන්න - එජාප මහ ලේකම්ට අභියෝගයක් !

11 December 2019 04:47 pm

එක්සත් ජාතික පක්‍ෂයේ නායකයින්ට එරෙහිව විවිධ මට්ටමේ තර්ජනයක් හා අභියෝග කිරීමට පෙර එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම්වරයා විසින් ඊළඟ මහ මැතිවරණය සදහා පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අගමැති අපේක්‍ෂකයා නම් කළයුතු බව මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත අළුවිහාරේ මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුද, ගැටලූ විවිධ තැන්වල කතා කරන පක්‍ෂයේ කවර තරාතිරමක අයවලූන්ට එරෙහිව වුවද විනය ක‍්‍රියා මාර්ග ගන්නා බවට පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කර තිබූ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් වසන්ත අළුවිහාරේ මහතා මේ බව පැවැසීය.

මහ මැතිවරණයට තව ඇත්තේ ඉතා කෙටි කාලයක් වුවද මෙතෙක් පක්‍ෂ යාන්ත‍්‍රණය සකස් කිරීමට අසමත් වී ඇති පිරිස් පක්‍ෂය තව තවත් අවුල් කිරීම සඳහා විවිධ ප‍්‍රකාශ සිදු නොකළ යුතු බවද දැන් සිදු කළ යුත්තේ අතරමං වූ එක්සත් පාතික පාක්‍ෂිකයින් බේරාගෙන පක්‍ෂය ජයග‍්‍රාහී මාවතට ගෙන යාම පමණක් බවද ඒ මහතා පවසයි. ඒ නිසා දැන් ඉතිරිව ඇත්තේ ඉදිරි මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබනවාද එසේ නොමැති නම් ජයග‍්‍රහණය කරා ගෙන යනවාද යන ප‍්‍රශ්නය බවද ඒ බව පක්‍ෂයේ ඉහළ නායකයින් හොදින් වටහා ගත යතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

සරත් සමරනායක මහනුවර