ආවට ගියාට පක්ෂ නායකයො වෙන්න බෑ - වජිර අබේවර්ධන

ආවට ගියාට පක්ෂ නායකයො වෙන්න බෑ - වජිර අබේවර්ධන

11 December 2019 02:15 pm

දේශපාලන පක්ෂයක නායකත්වය දැරිය යුත්තේ ඒ පිළිබඳ අත්දැකීම් සහිත, පරිණත පුද්ගලයෙකු බවත් එක් එක් පුද්ගලයන්ට සිතෙන සිතෙන පරිදි දේශපාලන පක්ෂයකට නායකත්වය ලබාදින නොහැකි බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. සිරිකොත එජාප මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පරිණත අත්දැකීම් නොමැති පුද්ගලයන් නායකත්වයට පත් වුවද ඔවුන්ට නිවැරදි නායකත්වයක් ලබාදිය නොහැකි බවත් ඒ නිසා අවසානයේ පක්ෂයට පමණක් නොව සමස්ත රටටම එහි අනිසි ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවන බවත් වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙනවා.

මේ වනවිට විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම්කර ඇති අතර කෙසේ වෙතත් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් හෝ ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් හෝ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් මන්ත්‍රීවරයා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකත්වය ලැබූ පමණින් ඔහු ඉදිරි මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස නම් නොකරනු ඇති බව ද අබේවර්ධන මහතා පවසනවා. ඒ සඳහා එජාපයේ පමණක් නොව එජාපය සමග එක්ව මහ මැතිවරණයට තරග වදින පක්ෂවල අනුමැතිය ද ලබාගත යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.