තවත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් තැන්පත් අරමුදල්වලින් මිලියන 800 ක් පැහැර හරී

තවත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් තැන්පත් අරමුදල්වලින් මිලියන 800 ක් පැහැර හරී

11 December 2019 11:26 am

ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විශාල වශයෙන් අක්‍රිය ණය වාරික වලට මුහුණ පා ඇති අතර, මෙමඟින් ද්‍රවශීලිතා ගැටළු උද්ගතව ඇති බවට වාර්තා වේ. 

දිවයිනේ ප්‍රමුඛ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වන ගෝල්ඩන් කී, සීඅයිඑෆ්එල්, සක්විති, ප්‍රමවුකා, ෆයිනෑන්ස් ඇන්ඩ් ගුරේනි, ඉන්ඩස්ට්‍රියල් ෆයිනෑන්ස් හා ඊටීඅයි ෆයිනෑන්ස් අතරට එකතු වී ඇති නවතම සමාගම වන්නේ ජනප්‍රියතාවයෙන් අඩු කුඩා ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් වන සෙන් හිරු සමාගමයි. 

සෙන්-හිරු මයික්‍රෝ ක්‍රෙඩිට් සහ සෙන්-හිරු ලෑන්ඩ්ස් ඇන්ඩ් ක්‍රෙඩිට් යන මූල්‍ය ආයතන දෙක විසින් ව්‍යාපාරික ණය ලබා දීම, ක්ෂණික ණය පහසුකම්, තැන්පතු භාර ගැනීම සහ වාහන කල්බදු පහසුකම් ආදී සේවාවන් රාශියක් ලබා දී තිබිණි.

කෙසේවෙතත්, මෙම සෙන් හිරු නම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගමේ රුපියල් මිලියන 800 කට අධික තැන්පත්කරුවන්ගේ අරමුදල් පැහැර හැර ඇති බවට වාර්තා වේ. 

එකම පවුලේ කිහිප දෙනෙකු මෙම සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කර ඇති බවට ඇතැම් තැන්පත්කරුවන් චෝදනා කළ අතර,  අසංක ප්‍රේමචන්ද්‍ර, ඔහුගේ බිරිඳ නිලූකා සංජීවනි සහ සුරංග හිදල්ලරච්චි නම් තැනැත්තෙකු මෙම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කර තිබෙන බවට ඔවුහු හෙලිදරව් කලහ. 

කෙසේවෙතත්, දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු වන සුරංග හිදල්ලආරච්චි නම් තැනැත්තා මෙම චෝදනා ප්‍රතික්ෂේප කර සිටි අතර, ඔහු අවධාරණය කරේ තමා එකී ක්ෂුද්‍ර මූල්‍ය සමාගමේ තැන්පත්කරුවකු පමණක් බවය.

මේ වන විට අසංක - නිලූකා ප්‍රේමචන්ද්‍ර දෙපල සමාගම වසා දමා විදෙස් ගතව සිටින බවට තොරතුරු වාර්තා වේ. 

මේ අනුව බලන කළ දැඩි ණය ආන්තිකයන් ට මුහුණ පා ඇති කුඩා ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හිමිකරුවන් හා කලමනාකරුවන් තම වගකීම් පැහැර හැර පලා යාමේ සූදුව උත්සන්න වී තිබේ. වත්කම් මිල යථා තත්ත්වයට පත්වනු ඇතැයි යන අපේක්ෂාවෙන් යුතුව මෙසේ අක්‍රිය ණය සඟවා තැබීම හෝ අක්‍රිය ණය සඟවා තබමින් සමාගම් වසා දැමීම හෝ විකුණා දැමීම තුළින් ජනතාව පීඩාවට පත් කිරීම විශාල අපරාධයක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ.