RAJANS RUGGBY NIGHT 2019 මහනුවරදී (VIDEO)

RAJANS RUGGBY NIGHT 2019 මහනුවරදී (VIDEO)

20 November 2019 04:11 pm

ධර්මරාජ විදුහල් ආදී රගර් පාපන්දු සංගමයට වසර විසිපහක් පිරිම නිමිත්තෙන් එම විදුහල් ආදී රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරන RAJANS RUGGBY NIGHT 2019 මෙම 23 වැනිදා පස්වරු 6.00 සිට මහනුවර අම්පිටිය ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට නියමිතය.

මෙරට පාසල් රගර් ක්‍රීඩාව තුළ සුවිශේෂී දක්‍ෂතා දක්වා ඇති මහනුවර ධර්මරාජ විදුහලේ වර්තමාන රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් සංවිධානය කරනු ලබන මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන්  ආර්. එන්.කන්ස්ට්‍රක්ෂන් අධිපති රුවන් එදිරිසිංහ මහතා සහභාගී වන අතර සම ආරාධිතයා වශයෙන් ආදි ධර්මරාජ රගර් පාපන්දු සංගමයේ ආරම්භක ලේකම් දැනට ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර කටයුතුවල නිරත ෂෙහාන් විජේවර්ධන මහතා සහභාගී  වේ.

අඩ සියවසක පමණ කාලයක් මෙරට රග්බි පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් සුවිශේෂි දායකත්වක් දැක්වු පාසල් අතුරින් ඉහළම ස්ථානයක පසුවන මහනුවර ධර්මරාජ විදුහල ලබන වසර වන විට මෙරට පාසල් රග්බි පාපන්දු ක්‍රීඩාවේ වසර 50 ක් සැපීරිමද මෙම 25 වැනි සංවත්සර උත්සවයේදී විශේෂ ඇගයීමකට ලක්තිරිමට කටයුතු යොදා තිබෙන බව ධර්මරාජ විදහල් ආදී රගර් පාපන්දු සංගමයේ වර්තමාන සභාපති සමීර පින්නදුව මහතා පැවසීය.

2013 වර්ෂයේදී දිවයිනේ සියලුම පාසල් අභිබවමින් පාසල් පාපන්දු කුසලානය දිනා ගැනිමට සමත් වු ධර්මරාජ විදුහලේ රගර් ක්‍රීඩා කටයුතු පසුගිය වසරේ යම් පසුබෑමකට ලක් වුවද වසර තුනක ප්‍රවර්ධන සැළසුමක් සකස් කොට වසරක් වැනි කෙටි කාලයක් ඉතා සාර්ථක අයුරින් ජයග්‍රාහි මට්ටමකට යළිත් ගෙන ඒමට හැකි වු බවද නිරන්තරයෙන් මග පෙන්විම් කටයුතු කළ විදුහල්පති දම්පිය වනසිංහ මහතාට මෙන්ම ප්‍රධාන පුහුණුකරු වන සංජය අමුණුගම සහකාර පුහුණුකරුවන් වන බන්ධුල පුෂ්පකුමාර බුද්ධික අබේසිංහ යන මහත්වරුන්ට කැපවීම් කළ ක්‍රීඩකයින්ට ආදී රග්බි පාපන්දු සංගමයේ එදා මෙදා තුරු සිටි සියළු නිළධාරීන් සාමාජිකයින්  හා නන් අයුරින් උපකාර කළ සියළු දෙනාට ධර්මරාජ විදුහල් ආදී රග්බි පාපන්දු සංගමයේ කෘතවේදීත්වය පිරිනමන බවද පින්නදූව මහතා සඳහන් කළේය.

සරත් සමරනායක - මහනුවර