ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමත් සමගම මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිධූරය අහෝසි වන අතර ඒ අනුව ඔහු විසින් පත් කළ මධ්‍යම පළාත් ආණ්ඩුකාරධූරයද හෙට දිනයේ සිට පුරප්පාඩු වනහෙයින් එම ධූරය සදහා මේ වන විට මහනුවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබලයින් සිව්දෙනෙකු අතර සීතල යුද්ධයක් හට ගෙන ඇත.
මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක, මහින්ද අබේකෝන් හා එස්. බී. දිසානායක යන ප්‍රබලයින් අතර මෙම සීතල යුද්ධය ආරම්භ වී ඇති අතර මේ වන විටත් විවිධ පාර්ශව හරහා තමන්ට එම තනතුර ලබා දෙන ලෙස බල කෙරෙන දුරකතන ඇමතුම් හුවමාරු වන බවත් ප්‍රබල බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් හා ගිහි පණිවිඩකරුවන් මගින්ද එම ඉල්ලීම මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා මහින්ද රාජපක්ෂ මහතාට යොමු කර ඇති බවත් වාර්තාවේ.
ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයාගේ පළමු නිල රාජකාරි අතුරින් ප්‍රධාන තැනක් ගනු ලබන්නේ පළාත් නවයට නව ආණ්ඩුකාරවරුන් පත් කිරිමයි.
සරත් සමරනායක - මහනුවර
2019-12-11 18:59:00
2019-12-11 16:47:00
2019-12-11 15:28:00
2019-12-11 14:15:00
2019-12-11 13:49:00