ගෝඨාභය රාජපක්ෂ ජයගනී !

ගෝඨාභය රාජපක්ෂ ජයගනී !

17 November 2019 03:38 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපතිවරණය ජයගෙන ඇති බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු මොහොතකට පෙර නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

ප්‍රධාන අපේක්ෂකයන් විසින් ලබාගෙන ඇති සමස්ත ඡන්ද ප්‍රමාණය මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා - 6,924,255
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා - 5,564,239
ජාතික ජනබල ව්‍යාපාරයේ අනුර කුමාර දිසානායක මහතා - 418,553

ප්‍රකාශිත ඡන්ද - 13,387,951
ප්‍රතික්ෂේපිත ඡන්ද - 135,472
වලංගු ඡන්ද 13,252,499

ඒ අනුව ලක්ෂ 13 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.