දකුණු අප්රිකානු ජාතික මිකී ආතර් මහතා ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා තෝරා ගැනීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ වසර දෙකක කොන්ත්රාත් කාලයක් සඳහායි.
52 හැවිරිදි මිකී ආතර් දකුණු අප්රිකාවේ පළමු පෙළ තරග 100 කට වැඩි අත්දැකීම් සහිත ක්රීඩකයෙකි. ඔහු දකුණු අප්රිකානු කණ්ඩායමේ මෙන්ම පකිස්තානු කණ්ඩායමේ ද ප්රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කර ඇති අත්දැකීම් බහුල පුහුණුකරුවෙක්ද වේ.
හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සේවය අත්හිටුවීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කළ අතර ඔහු සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ. මේ වනවිට ශ්රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රුමේෂ් රත්නායක මහතාය.
UN
2019-12-11 18:59:00
2019-12-11 16:47:00
2019-12-11 15:28:00
2019-12-11 14:15:00
2019-12-11 13:49:00