ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වන පෝ දා පූජා සඳහම් වන්දනාව සජීව විකාශය මෙවර දඹදිව සාංචි චේතියගිරි විහාරස්ථානයේ සිට ගෙන ඒමට කටයුතු යොදා තිබේ.
සාංචි චේතියගිරි විහාරස්ථානයේ විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝ නායක, ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය උපතිස්ස අනුශාසනාව පරිදි විදිසා, සාංචි, බෝපාල් යන ප්‍රදේශවල සහ ලාංකික බෞද්ධ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මෙම ඉල් පෝ දා පූජා සඳහම් වන්දනාව වැඩසටහන් සිදුකෙරෙන බව සාංචි චේතියගිරි විහාරවාසී පූජ්‍ය බානගල විලතිස්ස හිමියෝ සඳහන් කළහ.
පූජ්‍ය නුගගොල්ලේ චන්දරතන හිමියෝ පැමිණි පිරිස අටසිල් හි පිහිටුවීම සිදුකරන අතර උදෑසන ධර්ම දේශනය පූජ්‍ය රත්මලානේ පඤ්ඤාජීව හිමියෝ විසින් සිදුකරති. දහවල් බුද්ධ පූජාව සහ දෑගසව් වන්දනාව මෙහෙයවන්නේ පූජ්‍ය උඩුගම තපස්සී හිමියෝය.
පස්වරුවේ ධර්ම දේශනය කථිකාචාර්ය පූජ්‍ය කොන්ගල්ලේ විජිත හිමියෝ විසින් සිදුකෙනු ඇති.
වැඩසටහන මෙහෙයවීම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශයේ උපාලි මාරසිංහ සහ භද්‍රජිත් සෞම්‍ය කුමාර් විසින් සිදුකිරීමට නියමිතය.
2019-12-06 17:00:00
2019-12-06 16:00:00
2019-12-06 15:30:00
2019-12-06 14:48:00
2019-12-06 14:30:00