ලෝක රග්බි කිරුළ තවත් වසර හතරකට දකුණු අප්‍රිකානුවන්ට

ලෝක රග්බි කිරුළ තවත් වසර හතරකට දකුණු අප්‍රිකානුවන්ට

2 November 2019 04:49 pm

2019 රග්බි ලෝක ශූරතාවය තමන් සතුකර ගැනීමට දකුණු අප්‍රිකානු ස්ප්‍රින්බොක් ක්‍රීඩකයො සමත් වූහ. ඒ අද පැවති අවසන් තරගයෙන් ප්‍රතිවාදී එංගලන්ත කණ්ඩායම 32 - 12 ක් ලෙස පරාජයට පත් කරමිනි. 

පළමු අර්ධය අවසන් වනවිට 12 - 06 ක් ලෙස පෙරමුණ ගැනීමට ස්ප්‍රින්බොක් ක්‍රීඩකයන් සමත් විය. දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ දකුණු අප්‍රිකානුවේ සිය ලකුණු ප්‍රමාණය 20 කින් ඉහළ දමා ගැනීමට සමත් වූ අතර ප්‍රතිවාදී එංගලන්තයට හැකිවූයේ තවත් ලකුණු 06 ක් ලබා ගැනීමට පමණි.

රටවල් 20 ක සහභාගීත්වයෙන් පසුගිය සැප්තැම්බර් 20 වැනිදා ජපානයේදී 2019 රග්බි ලෝක කුසලානය ආරම්භ විය.

අවසන් පූර්ව වටයේදී නවසීලන්තය පරාජය කරමින් එංගලන්තයත් වේල්සය පරාජය කරමින් දකුණු අප්‍රිකාවත් අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූයේ වේල්සය 40 - 17 ක් ලෙස පරාජයට පත්කළ නවසීලන්තයයි.

දකුණු අප්‍රිකානු ස්ප්‍රින්බොක් ක්‍රීඩකයන් මෙවර ලෝක ශූරතාවය දිනා ගත්තේ තෙවැනි වරටයි. මීට පෙර 1995 සහ 2007 වසරවලදී රග්බි ලෝක ශූරයන් ලෙස කිරුළු පැළඳීමට ඔවුන් සමත් විය.