බලයට පත් වූ විගස නව ආරක්ෂක සැලැස්මක් - ගෝඨා ( VIDEO)

බලයට පත් වූ විගස නව ආරක්ෂක සැලැස්මක් - ගෝඨා ( VIDEO)

21 October 2019 11:24 pm

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති මේ රජයට නැවත ආරක්ෂාව ගෙන ඒමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. 

රට සුරක්ෂිත කළ හැක්කේ ත්‍රස්තවාදය අවසන් කළ තමන් නියෝජනය කරන  පිලට පමණක් බව ඔහු සඳහන් කරයි. 

තමන් බලයට පත් වූ සැණින් යළි ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කර බුද්ධි අංශවලට නීතිමය රැකවරණය ලබා දී සුරක්ෂිත රටක් බවට පත්කරන බවයි හෙතෙම පවසන්නේ. 

අද (21) දවස වන විට පාස්කු ප්‍රහාරය සිදු වී මාස 06ක් ගතව ඇති මොහොතේ එදා මහින්ද රාජපක්ෂ මහතා වසර ගණනාවක් ඇදෙමින් තිබූ ත්‍රස්තවාදය වසර දෙකහමාරක් වැනි කාලයකදී අවසන් කිරීමට හැකි වූ ආකාරය සිහිපත් කිරීමට සිදුව ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි. 

ASK