රාජපක්ෂලාගේ ෆයිල් හැංගුවේ මෛත්‍රී - හිරුණිකා (VIDEO)

රාජපක්ෂලාගේ ෆයිල් හැංගුවේ මෛත්‍රී - හිරුණිකා (VIDEO)

21 October 2019 07:11 pm

රාජපක්ෂලාට එරෙහිව තිබූ චෝදනාවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.

ඇය මේ බව කියාසිටියේ අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරය ලැබීමත් සමඟ ජනාධිපතිවරයා රාජපක්ෂවරුන්ට එරෙහිව පැවති චෝදනා යටගැසීමට කටයුතු කළ බව මන්ත්‍රීවරිය පැහැදිලි කළාය.

නඩු කල් දැමීමත්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය වීමත් ජනාධිපතිවරයාගේ එකී ක්‍රියාවලියේම කොටස් බව ඇය පෙන්වදුන්නාය. 

එදා සෝභිත හාමුදුරුවන්ගේ දෙපා නමැද නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් ලෙස කටයුතු කරන බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වුවද ජනාධිපති වූ සැණින් ශ්‍රීලනිපය ගැන පෙරේතකමක් ඇති වූ බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ.