බ්‍රෙක්සිට් අනුමත වෙනවා වෙනවා මයි.. බ්‍රිතාන්‍ය රජයෙන් පොඩි තගක්!

බ්‍රෙක්සිට් අනුමත වෙනවා වෙනවා මයි.. බ්‍රිතාන්‍ය රජයෙන් පොඩි තගක්!

20 October 2019 03:23 pm

බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය මයිකල් ගොව් අද (20) දින ප්‍රකාශ කර සිටියේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා ගිවිසුම අනුමත කිරීමට පාර්ලිමේන්තු සභිකයන් විරෝධතාව ප්‍රකාශ කළද එය අනිවාර්යයෙන් සිදුවන බවයි.

ඒ අනුව එළඹෙන ඔක්තෝබර් 31 වන දින වන විට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්ව යනු ඇත.

පසුගිය සෙනසුරාදා දින පාර්ලිමේන්තු රැස්වීමේදී බොහෝ නීති සම්පාදකයින් ගේ විරෝධතාව මීට මතුවූ අතර, ඔවුන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට බල කර සිටියේ බ්‍රෙක්සිට් ගිවිසුම පිළිබඳ දින ප්‍රමාදයක් සිදුකිරීමට යුරෝපා සංගමයට ලිපියක් ඉදිරිපත් කරන ලෙසයි. බොරිස් ජොන්සන් මෙම පාර්ලිමේන්තු විරෝධයෙන් මහත් අපහසුතාවට පත්වූ අතර, බ්‍රෙක්සිට් යෝජනා මාලාව අනුමත කර ගැනීම n වන වතාවටද මෙසේ ප්‍රතික්ෂේප වී තිබේ.  

රාජ්‍ය අමාත්‍ය මයිකල් ගොව් මේ පිළිබඳ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුව එක් ස්ථාවරයක සිටිනා බැවින් එම ලිපිය යුරෝපා සංගමයට යොමුකළ බවත්, කෙසේවෙතත්, අග්‍රාමාත්‍යවරයා ගේ චින්තනය පාර්ලිමේන්තුවට වෙනස් කළ නොහැකි බවත්, කෙසේ හෝ ඔක්තෝබර් 31 වන දින වන විට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යන බවත් ය. 

මේ පිළිබඳව අදහස් දක්වමින් අග්නිදිග එංගලන්තයේ යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී නයිජල් ෆැරේජ් ප්‍රකාශ කර සිටියේ තමා ද බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට එකඟ මුත්, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගේ දූෂිත බ්‍රෙක්සිට් යෝජනා මාලාව අනුමත කරනවා ට වඩා මේ පිළිබඳ ජාතික මැතිවරණයක් තුළින් විමසා සිටීම වැදගත් බවත්, ඒ සඳහා බ්‍රෙක්සිට් පමා කිරීමක් සිදුකිරීම යෝග්‍ය බවත් ය. 

MIAP