ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති CID අත් අඩංගුවට

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති CID අත් අඩංගුවට

17 October 2019 08:56 am

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඊයේ (16) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 

සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගොස් සිටි ඒ මහතා ඊයේ රාත්‍රී 11.35ට කටුනායක ගුවන් තොටුපළට ගොඩබැස ඇති අතර එහිදී ඔහුව අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත. 

ඇවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂණ සමාගම සම්බන්ධ නඩු කටයුත්තක් සඳහා ඒ මහතාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් ද මීටපෙර නිකුත් කර තිබිණි.