ගෝඨා මහත්තය හරි.

ගෝඨා මහත්තය හරි.

15 October 2019 12:08 pm

දේශපාලනික වාසි ගන්න උපාධි ධාරීන්ට රැකියා දෙන එක ලොකු වැරැද්දක්. කවුරු කියුවත් හරි දෙයක් කියුවම ඒකට ක්‍රෙඩිට් එක දෙන්න ඕනෙ. ඊළගට ජනාධිපති පුටුවට කවුරු ආවත් ඒ කාරණාව හිතේ තියාගන්න එක වැදගත්.

නැත්තං වෙන්නෙ චන්දයක් දිනපු ගමන්, තමුන්ගෙ එවුන්ට හෝ ගාලා රස්සා දෙනව. උපාධියක් තියා OL වත් බලන්නෙ නෑ.

රටෙත් හිටපු නැති මල්ලි කෙනෙක්ව ගෙනැල්ලා ආර්ථික ඇමති කරනවා. ඌ ඉතිං කොමිස්ම ගහනවා. රාජ්‍ය සේවයේ සම්ප්‍රදායන් කඩල තව මල්ලි කෙනෙක්ව අමාත්‍යාංශ ලේකම් කෙනෙක් කරනවා. මස්සිනා ගුවන් සමාගමේ සභාපති කරනවා. තව නෑයෙක්ව තෙල් සංස්ථාවෙ සභාපති කරනවා. පඩිය ලක්ශ 20 යි 30 යි. පුතාව රගර් ටීම් එකේ කැප්ටන් කරනවා. දෙවෙනි පුතාට tv චැනල් එකක් දාල ක්‍රිකට් මැච් ලංකාවටම පෙන්වීමේ පරම අයිතිය දෙනව. තුන්වෙනි පුතා රටේ එකම ගගණගාමියා.

ඊට පස්සෙ ඉතින් අසහනේ - ගෝඨා මහත්තය කියුව වගේ. රටට මෙලෝ වැඩක් නෑ.

උපාධිධාරීන් 800ට ගෙවන පඩිය මුන් 8 දෙනෙක් ගන්නවා. ඊට පස්සෙ කොමිසුත් ගහනවා. හොරකනුත් කරනවා.

වැල්ලවායෙ හදන්න තිබ්බ එයාර්පෝර්ට් එක උගේ ගමේ ගහගන්නවා, ගමේ එවුන්ට රස්සා දෙන්න - ප්ලේන් නෑ. වැලිගම හදන්න තිබ්බ වරාය උගේ ගමේ ගහගන්නවා චන්දෙ දුන්නු උන්ට රස්සා දෙන්න - නැව් නෑ. ජාතික සැලැස්ම ගැන මෙලෝ අදහසක් නෑ.

ඔය දේශපාලකයො මෙහෙම රස්සා බෙදන එක නවත්තන්න ඕනෙ. ගෝඨා මහත්තය කියුව වගේ.

සජිතුයි, අනුරයිත් ඕව හිතට ගන්නෝනෙ. ගෝඨා මහත්තය කියුව වගේ.

ගෝඨා මහත්තය කියුව හරි.

- රවින්ද සිල්වා