රග්බි වසන්තය ඇරඹෙයි

රග්බි වසන්තය ඇරඹෙයි

20 September 2019 08:26 pm

රග්බි ලෝක කුසලාන තරගාවලිය අද (20) ජපානයේ ටෝකියෝ නගරයේදී ආරම්භ විය. මෙවර එය පැවැත්වෙන්නේ 09 වැනි වරටයි.

මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ රග්බි ලෝක කුසලානය පළමුවරට ආසියානු කලාපයේදී පැවැත්වීමයි.

ලබන නොවැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලිය සඳහා ලොව හොඳම රග්බි කණ්ඩායම් 20 ක් සහභාගි වේ. යුරෝපානු කලාපය නියෝජනය කරමින් රටවල් 08 ක් තරගාවලිය සඳහා සහභාගි වන අතර ඔෂේනියා කලාපය නියෝජනය කරමින් රටවල් 05 ක් සහභාගි වේ. මීට අමතරව අප්‍රිකානු කලාපයෙන් රටවල් දෙකක්ද උතුරු ඇමරිකානු කලාපයෙන් කරමින් රටවල් දෙකක්ද දකුණු ඇමරිකානු කලාපයෙන් රටවල් දෙකක්ද රග්බි ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා සිටී. ආසියානු කලාපය නියෝජනය කරන්නේ සත්කාරක ජපානය පමණි.

මූලික වටයේදී කණ්ඩායම් 05 බැගින් වන කාණ්ඩ 04 ක් යටතේ තරග පැවැත්වෙන අතර එම කාණ්ඩවල පළමු හා දෙවන ස්ථාන දිනාගන්නා කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදීම රුසියාව පරාජය කිරීමට සත්කාරක ජපානය සමත් විය. ඒ 30-10 ක් වශයෙනි.

UN