විධායකය අහෝසි කරන්න ජනාධිපතිවරයාටත් නැති වුවමනාවක් තියෙන්නේ කාටද ? - හරීන්

විධායකය අහෝසි කරන්න ජනාධිපතිවරයාටත් නැති වුවමනාවක් තියෙන්නේ කාටද ? - හරීන්

19 September 2019 10:26 pm

ජනාධිපතිවරණයෙන් පසු විධායකය අහෝසි කිරීම පිළිබඳ සාකච්ජා කිරීමට හැකි බවත් ජනාධිපතිවරණයක් කැඳවා ඇති මොහොතක මේ පිළිබඳ සාකච්ජා කිරීම අවශ්‍ය නොවන බව අද පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ බහුතර කණ්ඩායම අවධාරණය කළ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය. 

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද පැහැදිලි ලෙස කියා සිටියේ එය ඔහුගේ අවශ්‍යතාව මත නොව කරනු ලැබූ ඉල්ලීමකට අනුව කැබිනට්ටුව කැඳවා සාකච්ජා කළ බවයි.

ඒ අනුව මේ මොහොතේ විධායකය අහෝසි කිරීමට යෝජනා කළ තැනැත්තා සොයා ගත යුතු බවද හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 

ASK