ජනපති සටනට තිදෙනෙක් ඇප බඳී !

ජනපති සටනට තිදෙනෙක් ඇප බඳී !

19 September 2019 08:02 pm

නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයන් දෙදෙනෙකු හා එක් අපේක්ෂිකාවක ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය වෙනුවෙන් අජන්තා විජේසිංහ මහත්මිය ඇප මුදල් තැන්පත් කර තිබේ.
මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ මහතා සහ සිරිපාල අමරසිංහ මහතා ද ඇප මුදල් තැන්පත් කර තිබේ.

ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද ආරම්භ වූ අතර ඒ සඳහා ලබන ඔක්තෝබර් 06 වැනිදා දහවල් 12 දක්වා අවස්ථාව හිමි වේ. නාමයෝජනා භාරගැනීම සිදුවන්නේ ඔක්තෝබර් 07 වැනිදා පෙරවරුවේදීය.

පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 50,000 ක මුදලක් ද ස්වාධීන අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 75,000 ක මුදලක්ද ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතුය. එසේම ස්වාධීන අපේක්ෂකයන් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කළ හෝ නියෝජනය කරන පුද්ගලයන්ට පමණි.

ජාතික මැතිවරණ කොමිසම පසුගියදා ප්‍රකාශ කළේ 20 කට ආසන්න පිරිසක් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදෙන බව දැනුම් දී තිබෙන බවයි.

UN