නෙළුම් කුළුණ පටන් ගනිද්දීම මහින්දලා කෝටි 200ක් ගහලා - ජනපති හෙළිකරයි !

නෙළුම් කුළුණ පටන් ගනිද්දීම මහින්දලා කෝටි 200ක් ගහලා - ජනපති හෙළිකරයි !

16 September 2019 06:42 pm

නෙළුම් කුළුණ ව්‍යාපෘතිය ආරම්භයේදීම 2012 වසරේදී රුපියල් කෝටි 200ක මුදල් වංචාවක් සිදුව ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

2012 වසරේදී චීන සමාගමකට ගෙවූ රුපියල් කෝටි 200ක අත්තිකාරම් මුදලක් පිළිබඳ ගැටළු මතුවූ අවස්ථාවේදී ඒ පිළිබඳ විමර්ශනය කිරීමේදී එවන් සමාගමක් හෝ චීනයේ පිහිටා නොමැති බව අනාවරණය වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයට අද (16) පස්වරුවේ එක් වෙමිනි. 

RN