ජනාධිපති අපේක්ෂකයා තෝරගන්නවත් බැරි එජාපය ගැන දුකයි - තිස්ස අත්තනායක

ජනාධිපති අපේක්ෂකයා තෝරගන්නවත් බැරි එජාපය ගැන දුකයි - තිස්ස අත්තනායක

16 September 2019 02:45 pm

තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම බරපතල අර්බුදයක් බවට පත්වන තරමට අද එක්සත් ජාතික පක්ෂය බංකොලොත් වී ඇති බව එජාපයේ හිටපු මහ ලේකම්වරයෙකු වන තිස්ස අත්නායක මහතා පවසනවා. පක්ෂය වර්තමානයේදී වැටී ඇති තත්ත්වය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවයි අත්තනායක මහතා පවසන්නේ.

අභ්‍යන්තර වශයෙන් කතාබහ කර ගැටලු විසඳාගත යුතු බවත් අපේක්ෂකයා තෝරා ගත යුතු බවත් පෙන්වා දෙන තිස්ස අත්තනායක මහතා පවසන්නේ අද එජාප නායකයන් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න මාධ්‍ය ඉදිරියට ගෙන එමින් සිටින බවයි. මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයේදී එජාපයට කිසිසේත්ම ජයග්‍රහණයක් බලාපොරොත්තු විය නොහැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

පක්ෂයේ කෘත්‍යාධකාරී මණ්ඩලය යනු ජනතාවගේ මතය නියෝජනය වියයුතු තැනක් වුවත් අද එය කුමන්ත්‍රණ සිදුකරන තැනක් බවට පත්ව ඇති බව ද ඔහු පවසයි. සියලු දෙනා සමගියෙන් කතාබහ කර අපේක්ෂකයා නම්කොට ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු නොකරන්නේ නම් ප්‍රතිවාදී අපේක්ෂකයාට මුහුණදිය නොහැකි බවයි තිස්ස අත්තනායක මහතා අවධාරණය කරන්නේ.

UN