දෙමටගොඩ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක්

දෙමටගොඩ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක්

16 September 2019 06:30 am

දෙමටගොඩ මහවෙල වත්ත පටුමගේ සමන්ත වත්තේ පිහිටි නිවසක ඊයේ (15) සිදුවූ පිපිරීම ගෑස් කාන්දුවක් නිසා සිදුවූ එකක් බව පොලිසිය පවසයි. 

පිපිරීමෙන් අදාළ නිවසට දැඩි අලාභහානි සිදුව තිබුණු අතර අසල පිහිටි නිවෙස් දෙකකට ද හානි සිදුව ඇත. 

නිවසේ පහළ මාලයේ සිදුවූ ගෑස් කාන්දුවක් නිසා පිපිරීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 

මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සඳහා ලබාගත් අධිකරණ නියෝගයක් මත රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ද අදාළ ස්ථානයට කැඳවීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ. 

RN