මෛත්‍රී, රනිල්, මහින්ද තිදෙනාගේම සහභාගීත්වයෙන් නෙළුම් කුළුණ අද (16) විවෘත කෙරේ

මෛත්‍රී, රනිල්, මහින්ද තිදෙනාගේම සහභාගීත්වයෙන් නෙළුම් කුළුණ අද (16) විවෘත කෙරේ

16 September 2019 06:01 am

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ සන්නිවේදන කුළුණ වශයෙන් සැලකෙන කොළඹ නෙළුම් කුළුණ අද (16) පස්වරු 05.00ට උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මැතිඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ. 

මීටර් 350ක උසකින් යුත් මෙම නෙළුම් කුළුණේ ඉදිකිරීම් කටයුතු 2012 වසරේදී ආරම්භ වුණු අතර මීට වැය කර ඇති සම්පූර්ණ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 104කි. ඉන් ඩොලර් මිලියන 67ක් චීන ණය ආධාර වශයෙන් ලබාගෙන ඇති අතර ඉතිරි මුදල ශ්‍රී ලංකා රජය විසින් යොදා ඇත. 

මෙහි පාදමේ ඇති තට්ටු තුනක් සාප්පු සංකීර්ණ, ශ්‍රී ලංකාවේ පළමු කැරකෙන අවන්හල, රැස්වීම් ශාලා ඇතුළු මහජන භාවිතය සඳහා වෙන්කර තිබේ. සුවිශේෂී නිරීක්ෂණ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ මීටර් 244ක් උසිනි. 

මෙම කුළුණ සන්නිවේදන අවශ්‍යතා සඳහා මෙන්ම සංචාරක ආකර්ශනය දිනා ගන්නා ස්ථානයක් වශයෙන් ද භාවිතා කිරීමට නියමිතය.