අපිට දෙපැත්තෙන්ම අත වනනවා - එජාපෙ නම් ඕනෙම නෑ (VIDEO)

අපිට දෙපැත්තෙන්ම අත වනනවා - එජාපෙ නම් ඕනෙම නෑ (VIDEO)

15 September 2019 11:58 pm

මේ වන විට එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව යන දෙපාර්ශවයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අතවනන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) රත්නපුරයේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු සාකච්ජාවක් පවත්වා නොමැති අතර ඔවුන් සමඟ බේරා ගැනීමට බැරි ගණුදෙනු බොහොමයක් පවතින බවයි ජනාධිපතිවරයා කියාසිටියේ. 

එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් තිබෙන්නේ මහ බැංකු මංකොල්ලයේ නායකයෝ පක්ෂයෙන් ඉවත්ව ගිය පසුව බව එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පොහොට්ටුව සමඟ සාකච්ජා වට ගණනාවක් පවත්වා ඇති අතර ශ්‍රීලනිප වැඩපිළිවෙල ලෙස ඉදිරිපත් කර ඇත්තේ රට පෙරමුණේ තබා යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා  කරගනිමින් සංවිධායකයන්,පාක්ෂිකයන් පාවා නොදී එම සාකච්ජා පවත්වා ගෙන යන බවයි හනධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය. 

ASK