දොළුකන්දෙ පිරිත් පැන්වල ’රිලා’ අසූචි සහ දීගොඩ කුමාරලාගෙ ලෙඩ සුව කිරීම

දොළුකන්දෙ පිරිත් පැන්වල ’රිලා’ අසූචි සහ දීගොඩ කුමාරලාගෙ ලෙඩ සුව කිරීම

10 September 2019 10:02 am

අතීත ආවර්ජනයක් ............

දීගොඩ කුමාර නමැත්තා විසින් පවත්නා ගෙන යනූ ලබන අද්භූත බලයෙන් ලෙඩ සුව කිරීම ගැන කතා බහක් ඇතිවී තිබේ. හිටී හැටියෙම මෙකී කතාබහ ඉස්මතුව තිබෙන්නේ ඔහුගෙන් ලෙඩ සුවකර ගැනීමට පැමිණි දෙදෙනෙක් මිය ගොස් , තවත් කිහිප දෙනෙකු අසාධ්‍ය තත්ත්වයට පත්ව රොහල්ගත කිරීමත් සමගය. මෙ කතාබහ සමග බොහෝ පිරිසක් තම අතීත මතකයන්ද අවදි කරමින් මීවැල්ලෑව සහ දොළුකන්දෙ මිත්‍යවද සිහිපත් කර තිබුණි.

මා 'සිළුමිණ' පුවත්පතේ සෙවය කරන සමයේ දොළුකන්දෙ මහා හාස්කම් සහිත පිරිත් පැන් ගැන රටපුරා ආන්දොලනයක් පැතිරුණි. රටෙ නන්දෙසින් දස දහස් ගණන් ජනතාව තම ලෙඩ සුවකරන ගැනීමට දිනපතා දොළුකන්ද ආරණ්‍ය සේනාසනයට ඇදෙන බවද වාර්තා වුණි. මෙය මිනිසුන් රවටන මිත්‍යාවක් බව අප හොදින්ම දන්නා නිසා මමත්, සිළුමිණ කර්තෘ මාණ්ඩලික තාරක වික්‍රමසේකරත් දෙළුකන්දෙ පිරිත් පැන් ගැන සෙවීමට එහි ගියෙමු. එහි පැමිණෙන ජන ගගෙ තරම කොතරම්ද යත් ආරණ්‍ය සේනාසනයට අවම වශයෙන් කිලොමීටර් තුනක්වත් ඈතින් වාහනය නවත්වා පාගමනින් එහි යාමට සිදුවිය.

පිරිත් සජ්ඣායනා සහ නිවෙදකයන්ගෙ කෑම්මොරදීම් සමග දහස් ගණනක් ජනී ජනයා පොලිම් ගැසී සාදුකාර දෙමින් පිරිත් පැන් ලබා ගනිති. ලබා ගන්නා පිරිත් පැන් මාහැගි වස්තුවක් සෙ සුරුකිව බැති පෙමින් රුගෙන යනවා පෙනෙයි. පෙරවරු දහයට හො එකොළට පමණ ඤාණවිමල හිමියන්ගේ විශෙෂ පූජා මෙහෙය ආරමිභ වුණි. පිරිත් පැන් දීම මදකට නතර කෙරුණි.

තාරකටත් , මටත් පිරිත් පැන් බෙදන ටැංකිය අසලට යාගත හැකි වුයේ මහ සෙනග පූජාව සදහා එතනින් ඉවත් වූ නිසාය.

අලුතින් සිමෙන්තියෙන් බදින ලද අඩි තුනක් හතරක් උසති ටැංකියකි. පිරිත් පැන් ඇත්තේ එම ටැංකියේ ය. සුදූ ඇදගත් කිහිප පොළක් , කහ පැහැති රෙදි කඩ එතු පිගන් මැටි ජොගුවලින් පිරිත් පැන් බෙදීම සිදූ කරනු පෙණුනි. අප දෙදෙනාට අවශ්‍ය වූයෙ මෙකී ටැංකියකට ජලය (පිරිත් පැන්) ගලා එන්නේ කෙසෙදැයි නිශ්චිතව දැන ගැනීමට ය.

පූජාව පැවැත්වෙන වෙලාවෙ පිරිත් පැන් බෙදීම නවතා තිබු නිසා එම ටැංකියෙන් ජලය උතුරා යමින් තිබුණි. ටැංකිය පිටුපස පහළින් සවිකරන ලද එස්ලොන් බටයකින් ටැංකියකට ජලය සැපයෙන බව පසක්කර ගැනීමට අපට ගතවුයේ විනාඩි කිහිපයකි . ටැංකියට ජලය මුදා හැරෙන බටයෙ කෙළවර සුදු රෙදි කැබැල්ලක් ද ගැට ගසා තිබුණි. ටැංකිය කරා ජලය ගෙන එන එස්ලොන් බටය දිගෙ අප දෙදෙනා මීමන ශාක වැවී තිබුණු කැලෑව පීරමින් ඉහළට ගමන් කළෙමූ. කන්දෙ කිසියම් දුරක් යනවිට පැරණි ජරාවාස වු ජල ටැංකියක් හමුවිය. එකී ජල ටැංකිය වසා පැතිර ගිය විශාල කැන්ද ගස් කිහිපයකි. මෙ ගස්වල රිලවුන් විසි තිස් ගණනක් දක්නට ලැබුණි.

පහළ අලුතින් ඉදිකරන ලද පිරිත් පැන් බෙදන ටැංකියකට ජලය සැපයෙන්නේ මෙකී ජරාවාස වූ ටැංකියෙන් බව අප ස්ථිරව සොයා ගත්තෙමු. ඉන්පසු අප දෙදෙනාට අවශ්‍ය වූයේ ජරාවාස වූ ටැංකියකට ජලය ලැබෙන්නේ කෙසෙදැයි සොයා ගැනීමයී. එම ජරාවාස වු ටැංකියකට අලුතින් සවිකරන ලද එස්ලොන් බට ඔස්සේ අප දෙදෙනා ඉදිරියට ගිය විට කන්දෙ බෑවුම් පෙදෙසෙ තිබු තවත් ජරාවාස වු ස්වාභාවික කළුගල් පොකුණක් හමුවිය. එම පොකුණ ඇල්ගී වලින් පිරුණු එකකි. අලුතින් මොටරයක් සවිකර ඉහත ජාරාවාස වූ ටැංකියකට ජලය ගෙන යනු ලබන්නේ එම පොකුණෙන් බව අප පැහැදිලිවම තහවුරු කර ගත්තෙමු.

විශෙෂිතම කාරණය වුයේ පෙර සදහන් කළ ජරාවාස වූ ටැංකිය වසා පැතුරුණු කැන්ද ගස්වල සිටින රිලවුන්ගෙ අසුචි කිසිදූ ආවරණයක් නොමැති ටැංකියකට පතිතවන බවයි. දොළුකන්දෙ පූජාවට එන මහ සෙනග ගෙන එන පළතුරු පූජාවෙන් පසු විසිකර දමන අතර රිලවුන් විශාල ප්‍රමාණයක් සැරි සරන්නෙ එකී පළතුරු කෑමටය. ජරාවාස වූ ටැංකිය මත්තෙහි සැරිසරන රිලවුන් ඩැහැ ගන්නා පළතුරු රුගෙන කෙළින්ම යන්නේ කැන්ද ගස් උඩටය. උන් අතින් ගිලිහෙන පළතුරු කැබලිද පතිත වන්නෙ අප කියන පැරණි ජරාවාස වු ටැංකිය තුළටය.

දොළුකන්දට ඇදි ආ දස දහස් ගණන් මිනිසුන් ගෙන් පුද පඩුරු සහ එහි ඉදි කරනවා යැයි කියූ රන් කොතක් සදහා රත්‍රංද ඇති පදම් එකතු කරනු ලැබීය. කිසිදු වග විභාගයකින් තොරව උපාසක අම්මලා පමණක් නොව තරුණ පිරිස් ද තමන් පැළද සිටි රන් ආභරණ නොපැකිලිව පූජා කළොය.

අප දෙදෙනා මෙකී විපරමට ගියෙ බ්‍රහස්පතින්දා දිනෙකය. සිකුරාදා පුවත් පතෙ වැඩ අවසන්වන අතර දීර්ග ලිපියකට ඉඩකඩ නොවුණි.එහෙයින් ඊළග සතියේ දීර්ග හෙළිදරව් කිරීමෙ අරමුණ ඇතුව පළමු පිටුවෙ ප්‍රවෘත්තියක් පළ කළෙමු. එහි ශීර්ෂ පාඨය වූයේ 'දොළු කන්දෙ පිරිත් පැන් වල රිලා අසූචි' මැයෙනි. ලබන සතියේ සම්පූර්ණ හෙළිදරව්ව කරන බවද එම ප්‍රවෘත්තයෙම සදහන් කළෙමු.

අවාසනාවකි. එවකට සිළුමිණ කර්තෘ නිමල් හොරණ මහතා ඊළග සතියේ අපට දැක්වූයේ අර ලිපිය දාන්න එපා කියල ඇමැතිවරයා දැනුම් දුන් බවයි. එවකට ජනමාධ්‍ය ඇමැතිවරයා වූයේ මංගල සමරවීර මහතාය.

ඉන්පසු මෙකී මිත්‍යාව කෙසේ හෝ කළ යුතු නිසා මා රාවය පුවත්පතේ ජයසිරි ජයසේකරට කතාකර සිද්ධිය දැනුම් දුන් පසු එවකට එහි මාධ්‍යවෙදියකුවූ චාමින්ද නාගොඩවිතාන මා හමුවී සියලු විස්තර ලබාගෙන නැවතත් දොළුකන්දට ගොස් තවත් විස්තර සොයා ගෙන දීර්ග ලිපි එකක් හෝ දෙකක් රාවය පුවත්පතේ පළ කළෙය. දොළුකන්ද ඈවර වූයේ එකී හෙළිදරවෙන් පසුවය.

මිත්‍යාවට එරෙහි මංගල සමරවීර එදා අප පළ කිරීමට සූදානම් වූ හෙළිදරව්ව නතර කළෙ ඇයි දැයි අදටත් නොදනිමි. වරින් වර මතුවන මිත්‍යාවන් ගවෙශනය කොට රටට හෙළිදරව් කිරීම මාධ්‍ය විසින් ඉටු කරන්නේ නම් දීගොඩ කුමාරලාගෙ ජාවාරම් මෙතරම් දුර දිග යන්නෙ නැත. රටට යහපත් ජනමාධ්‍යවෙදීත් අවශ්‍ය වන්නේ එහෙයිනි. 

- පොද්දල ජයන්ත