රාජිතගේ ඇරයුම සජිත්ට!

රාජිතගේ ඇරයුම සජිත්ට!

25 August 2019 11:30 pm

ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ 18 වන සමුළුව - 2019 සහ විශිෂ්ටයින් ඇගයීමේ සම්මාන ප්‍රධානෝත්සවය ඊයේ දින (24) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ආරාධනයෙන් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් හමිබන්තොට ෂැන්ග්‍රීලා හෝටලයේ දී පැවැත්විණි.

මෙහිදී ඖෂධ ආනයන හා අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයමින් සම්මාන සහ සහතික පත්‍ර ප්‍රධානය සිදු වූ අතර, රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කරන මෙහෙය අගයා සමරු සිහිවටනයක් ද ප්‍රදානය කරන ලදි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූම්, කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය එම්.වයි.කේ විල්ප්‍රඩ්, සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ ඖෂධ ආනයනයකරුවන් විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.