’’ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ’’ කෘතිය එළි දැක්වීම සැප්තැම්බර් 21 දා!

’’ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ’’ කෘතිය එළි දැක්වීම සැප්තැම්බර් 21 දා!

24 August 2019 09:46 am

අජිත් ධර්ම විසින් රචිත (කොළඹ ගමයා බ්ලොග් අඩවියේ පළවූ නවකතාව) සංඛ ප්‍රකාශකයන් වෙතින් "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" කෘතිය එළි දැක්වීම රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී 2019 සැප්තැම්බර් 21 සවස 3.30 ට පැවැත්වීමට නියමිතය.  

මෙදින සුනිල් විජේසිරිවර්ධනයන් ගෙන් හැඳින්වීමක් හා චන්ද්‍රගුප්ත තේනුවරයන්  ගේ මොස්කව් මතකයන් ගෙනහැර පෑමට ද නියමිත ය. මෙහෙයවීම චූලානන්ද සමරනායක විසිනි.