කීත් නොයාර් පැහැර ගැනීමට සම්බන්ධ යුධ හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට

කීත් නොයාර් පැහැර ගැනීමට සම්බන්ධ යුධ හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට

23 August 2019 12:49 pm

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට සම්බන්ධ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත්අඩංගුවට ගෙන තිබේ. 

නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. 

කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කර තිබුණේ 2008 වසරේදීය. 

රාජපක්ෂ පාලන සමයේ සිදු වූ සුප්‍රකට ඝාතන සහ පැහැරගෙන යාමේ සිද්ධි 05 ක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස පසුගියදා නීතිපතිවරයා  පොලිස්පතිවරයාව දැනුවත් කර තිබුණි. 

ඒ අනුව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය,මුතූර්හිදී රාජ්‍ය නොවන සංවිධානයක නිළධාරින් 17 දෙනෙකු ඝාතනය කිරීම,මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම,කොළඹදී තරුණයින් 11 ක් පැහැරගෙනගොස් අතුරුදන් කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කඩිනම් කර තිබේ.