ජවිපෙට අපි අනුකම්පා කරනවා - දැන්වත් නිවැරදි තීන්දුවක් ගන්න (VIDEO)

ජවිපෙට අපි අනුකම්පා කරනවා - දැන්වත් නිවැරදි තීන්දුවක් ගන්න (VIDEO)

23 August 2019 12:28 pm

මෙවර ජනාධිපතිවරණයෙන් ප්‍රධාන කඳවුරු දෙකම කඩා වැටෙන අතර ඕනෑම කැපකිරීමක් කර විකල්පය ජයග්‍රහණය කරවීමට මැදිහත් වන බව නීතිඥ නගානන්ද කොඩිතුවක්කු ආචාර්ය රොහාන් පල්ලෙවත්ත මහත්වරුන් අවධාරණය කළේය.

ඔවුන් මේ බව සඳහන් කළේ ඊයේ (22) "අභිමන් ලංකා" සන්ධානය ගොඩනැගීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

විකල්ප බලවේගය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ඔවුන් ජනතා විමුක්ති පෙරමුණටද ආරාධනා කළේය.

කෙසේවෙතත් මෙවර ජන්දයෙන් ජනතාව සිය පරමාධිකාරය ප්‍රධාන කඳවුරු දෙකෙන් නිදහස් කරගන්නා බව නගානන්ද කොඩිතුවක්කු මහතා කියාසිටියේය. 

"අභිමන් ලංකා" මඟින් සැබෑ වූයේ ජනතාවගේ සිහිනය වන අතර එම ජනතා සිහිනය සැබෑ කිරීම සඳහා සියලු විකල්ප බලවේග එකතු විය යුතු බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

මෙම අවස්ථාවට හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ද එක්ව සිටියේය.

ඔහු පෙන්වාදුන්නේ ද පවත්නා ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් විය යුතු බවයි. 

ASK