පාස්කු ප්‍රහාරය පිළිබඳව ස්වාධීන කොමිසමක් ඉල්ලයි !

පාස්කු ප්‍රහාරය පිළිබඳව ස්වාධීන කොමිසමක් ඉල්ලයි !

22 August 2019 10:21 pm

අප්‍රේල් 21 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම ඉල්ලීම සිදුකර තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් පිරිසකි.

මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය සඳහා අත්සන් තබා තිබෙන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු. අරුන්දික ප්‍රනාන්දු, නිමල් ලංසා, ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන් සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියයි.

මේ වනතෙක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය තත්වය හෙළිදරව් කර නොමැති බව පවසන මෙම මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් ස්වාධීන කොමිසමක් පත්කර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා එහි වාර්තාව රටට හෙළි කරන ලෙසයි.

ත්‍රස්ත ප්‍රහාරය සඳහා බලපෑ හේතුව, ඊට සම්බන්ධ පුද්ගලයන් කවුද, ඊට වගකිව යුත්තේ කවුද, මෙම ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබුණේ නම් එසේ සිදු නොවූයේ මන්ද, එසේ වලක්වා නොගැනීමට වගකිවයුත්තේ කවුද යන්න පිළිබඳ වඩාත් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු විය හැක්කේ ස්වාධීන කොමිසමක් හරහා පමණක් බව ද අදාල මන්ත්‍රී කණ්ඩායම පවසනවා.

UN