ICC සභාපති අද රෑ ශ්‍රී ලංකාවට

ICC සභාපති අද රෑ ශ්‍රී ලංකාවට

22 August 2019 08:54 pm

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂන්ක් මනෝහර් මහතා අද රාත්‍රියේදී මෙරටට පැමිණීමට නියමිතය. දින 04 ක සංචාරයක් සඳහා ඔහු මෙරටට පැමිණෙන අතර මෙම සංචාරය සඳහා ICC නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වන බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරය අතරතුර ඔහු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ක්‍රික‍ට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ICC සභාපතිවරයා මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගය නැරඹීම සඳහා ද එක්වීමට නියමිත වේ.

UN